හෙක්ටයාර 80000කට ආසන්න විනාශයක් සිදුවූ වික්ටෝරියා ලැව්ගිනි වලින් අනතුරුව යලිත් Grampians වනෝද්‍යානය සංචාරකයින් සදහා විවෘත කර තිබෙනවා.
Grampians වනෝද්‍යාන පරිපාලකයින් විසින් නැවත සංචාරකයින් සදහා මෙහි පැමිණෙන ලෙස ඉල්ලීමක් ද කර තිබෙනවා.
ඒ අනුව සිකුරාදා උදෑසන සිට MacKenzies Falls, Venus Baths සහ Boroka Lookout විවෘත වනු ඇති බව සදහන්.
පාලනයකින් තොරව ව්‍යාප්ත වූ ලැව්ගිනි නිසා ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානය වසා දැමීමට පියවර ගෙන තිබූ අතර දින 18කට පසු ජනප්‍රිය සංචාරක නගරයක් වන Halls Gap නැවත විවෘත වනු ඇති.
ග්‍රැම්පියන්ස් හි පසුගිය වසරේ අවස්ථා දෙකකදි ලැව්ගිනි තත්ව හටගෙන තිබූ අතර එහි ආදායම පවා සියයට 25කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
Vic Emergency සේවා සදහන් කරන්නේ දැනට සංචාරකයින්ට මෙහි තර්ජනයක් නොමැති අතර ගිනි නිවන බටයින් තවමත් වනෝද්‍යානයේ නිරික්ෂණය කටයුතු සිදු කරන බවයි.