පෞද්ගලික Sea Plane එකක් බටහිර ඔස්ට්‍රේලියාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයට කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
යානයේ සිටි තවත් සිව්දෙනෙක් අනතුරින් පසු රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙම හානය NSW සිට පැමිණ ඇති අතර එක් නියමුවෙකු සහ මගීන් හය දෙනෙකු සමඟ මෙම අනතුර සිදුව තිබුණා.
කාර්මීක දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර යානයේ කොටසක් ජලයෙන් උඩට මතුව තිබීම නිසා අවට බෝට්ටු සහ ආරක්ෂ අංෂ දියේ ගිලී සිටි පුද්ගලයින් 4 දෙනෙක් රෝහල් ගත කිරීමට හැකිව තිබුණා.
බටහිර ඔස්ට්‍රේලියා පොලිසිය සදහන් කළේ අනතුරින් බේරා ගත් තිදෙනා බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් ගුවන් මගින් රෝහල් වෙත රැගෙන යෑමට කටයුතු කළ බවයි.
අනතුරුන් බෙරුණු තවත් එක් පුද්ගලයෙන් සුලු තුවාල ලැබුවද ඔහු හොද සෞඛ්‍ය මට්ටමක පසුවන බව සදහන්.
බරපතල තුවාල ලැබූවන් අතර 40 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු ද වනවා.