Search

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් අය කර ගන්න යන අලුත්ම ගාස්තුව මෙන්න

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් විසින් තැන්පතු මුදල් ආපසු ලබා ගැනීමේ දී ගනුදෙනුකරුවන්ගෙන් ගාස්තුවක් අය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී Bendigo බැංකු ශාඛා කවුන්ටරයකින් සිය තැන්පතු මුදල් ආපසු ලබාගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට ඒ සදහා ඩොලර් 2.50 ක ගාස්තුවක් ගෙවීමට සිදු වන බවයි දැක්වෙන්නේ.

Bendigo බැංකුව විසින් මීට පෙර එදිනෙදා ගනුදෙනු කටයුතු සදහා ඩොලර් 6 ක මාසික ගාස්තුවක් අය කළ නමුත් එය ඉදිරියේදී ඉවත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ වෙනුවට “කාර්ය මණ්ඩල සහයක සේවා ගාස්තු” ලෙස ඩොලර් 2.50 ක ගාස්තුවක් අය කිරීමට බැංකුව විසින් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ATM යන්ත්‍රය හරහා තැන්පතු මුදල් ලබා ගන්නා ගනුදෙනුකරුවන්ට ගාස්තු අය කිරීමකින් තොරව නොමිලයේ සිය සේවාව ලබාදීමටයි Bendigo බැංකුව විසින් තීරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදාළ බැංකුවේ ගනුදෙනුකරුවන් දැඩි අප්‍රසාදයකින් පසුවන බව ද වැඩිදුරටත් සදහන්.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »