AI තාක්ෂණය ශරීරයේ බර අඩු කර ගැනීමේ ක්‍රියාවලිය සදහා ඵලදායී ලෙස යොදා ගත හැකි බවට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් හදුනාගෙන තිබෙනවා.
“My Journey” නම් මෙම AI මෙවලම Commonwealth Scientific and Industrial Research Organization (CISRO) හි පුළුල් මාර්ගෝපදේශ යටතේ නිපදවා තිබීම ද විශේෂත්වයක්.
මෙහිදී යම් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තොරතුරු පිළිබදව අධ්‍යයනය කොට එම පුද්ගලයාට ගැලපෙන ආකාරයේ බර අඩු කර ගැනීමේ ඉලක්කගත සැලසුමක් නිර්මාණය කර දීම සිදු වනවා.
මෙම ක්‍රමවේදය හරහා පුද්ගලයෙකුගේ ශරීරයේ බර ඉක්මනින් අඩු කර ගැනීමට උපකාරී වන බවයි එම සංවිධානයේ විද්‍යාඥ ආචාර්ය Gilly Hendrie විසින් පෙන්වා දී ඇත්තේ.
එහි දත්ත වාර්තා හරහා අනාවරණය වී ඇත්තේ අදාළ ක්‍රමවේදය භාවිතා කළ 3% ක පිරිසක් තම ශරීරයේ බර කිලෝ 20 කින් පමණ අඩු කර ගැනීමට සමත් වී ඇති බවයි.
මෙම සංවිධානය විසින් මේ වනවිට ඔස්ට්‍රේලියානුවන් මිලියනකට පමණ සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වාගෙන යාම සදහා මාර්ගෝපදේශ ලබා දී ඇති බව ද වැඩිදුරටත් සදහන්.