Search

න්‍යෂ්ඨික බලාගාර යෝජනාවකින් ඔස්ට්‍රේලියා ප්‍රාන්තයක ආර්ථිකයට තර්ජනයක්

ඉදිරි ෆෙඩරල් මැතිවරණය ඉලක්ක කර ගෙන ඔස්ට්‍රේලියා විපක්ෂය විසින් ගෙන ආ න්‍යෂ්ඨික බලාගාර සැලසුම් යෝජනා ක්‍රමය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව 2050 වසර වනවිට ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලාගාර 07 ක් ඉදි කිරීමටයි විපක්ෂය විසින් සැලසුම් කර ඇත්තේ.

මේ යටතේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Tarong හා Callide හි න්‍යෂ්ඨික බලාගාර දෙකක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.

අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් ක්වීස්ලන්ඩ් ප්‍රාන්තය වෙත ඩොලර් බිලියන 872 ක ආර්ථික පරිහානියක් සිදු වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

එය ඔස්ට්‍රේලියානු දළ ජාතික නිෂ්පාදනයෙන් 5% ක පමණ වීම ද විශේෂත්වයක්.

මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරික ජිම් චාමර්ස් ගේ අදහස වී ඇත්තේ න්‍යෂ්ඨික බලය ඔස්ට්‍රේලියාවට අහිතකර වනු ඇති බවයි.