Search

රැකියාවක් සොයන වික්ටෝරියානුවන්ට තවත් අලුත්ම සේවාවක්

රැකියාවක් අපේක්ෂාවෙන් පසුවන වික්ටෝරියානුවන්ට ඒ සදහා අවශ්‍ය සහාය ලබාදීම සදහා නව සේවාවක් හදුන්වා දී තිබෙනවා.

“Jobs Victoria” නම් මෙම සේවාව හරහා වික්ටෝරියානුවන්ට අවශ්‍ය සහාය නොමිලයේ ලබා දීම ද විශේෂත්වයක්.

මේ යටතේ ක්‍රියාත්මක වන Work and Learning Centres ඔස්සේ රැකියා අපේක්ෂකයන් සදහා ඉලක්කගත රැකියාව සදහා අවශ්‍ය පුහුණුව සහ සේවා පළපුරුද්ද ලබා දීම සිදුවන බවයි දැක්වෙන්නේ.

“Jobs Victoria” සේවාව සතු සබදතා ජාලය මත පදනම්ව රැකියාවක් අපේක්ෂාවෙන් පසුවන වික්ටෝරියානුවන්ට රැකියා සහ පුහුණුව ලබා දීමට අවශ්‍ය රැකියා ස්ථාන සොයා දීමට ද කටයුතු කරනු ලබනවා.

ඊට අමතරව අදාළ රැකියාවේ නිරත වීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීම සදහා උපදේශන සේවාවක් ද මෙහි පවතින බවයි දැක්වෙන්නේ.

මෙම සේවාව සම්බන්ධ වැඩිදුර තොරතුරු වික්ටෝරියා ප්‍රාන්ත වෙබ් අඩවියට පිවිසීම හරහා ලබා ගත හැකි බව ද වැඩිදුරටත් සදහන්.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »