මෙම වසරේ ලොව හොදම වෙරළ තීරයන් පිළිබදව ශ්‍රේණිගත කිරීමක් සිදුකර තිබෙනවා.
Lonely Planet විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබීම ද විශේෂත්වයක්.
ඒ අනුව 2025 වර්ෂයේ ලොව හොදම වෙරළ තීරය බවට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ Whitehaven වෙරළ තීරයයි.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි මෙම වෙරළ තීරය වෙත දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් හිමිව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Squeaky වෙරළ තීරයට මෙම ශ්‍රේණිගත කිරීමේ දී දෙවන ස්ථානය හිමිව තිබෙන බවයි සදහන් ව ඇත්තේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි මෙම සුන්දර වෙරළ තීරය වෙත පැමිණීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වන බවයි පැවසෙන්නේ.
මෙහි තුන්වන ස්ථානය සීෂෙල්ස් හි Anse Source d’ Argent වෙරළ තීරයට හිමිව තිබෙන අතර එහි සිව් වන ස්ථානය දිනාගෙන ඇත්තේ තායිලන්තයේ සන්සෙට් වෙරළ තීරයයි.
මේ අතර ලොව හොදම වෙරළ තීරයන් අතර පස්වන ස්ථානය ග්‍රීසියේ Sarakiniko වෙරළ තීරයට හිමිව තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.