Search

ලොවම කම්පා වූ භූ කම්පනයෙන් මියගිය ගණන 95 දක්වා ඉහළට

අද (07) අළුයම චීනයේ කඳුකර ටිබෙට් ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් 130 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් සඳහන්.

ටිබෙටයේ ශුද්ධ වූ ෂිගාට්සේ (Shigatse) නගරයට බලපෑ භූමිකම්පාව රිච්ටර් පරිමාණයේ 7.1 ක් සහ කිලෝමීටර 10 ක් ගැඹුරකින් යුක්ත වූ එකක් බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ දත්ත මඟින් තහවුරු කර තිබුණේ.

එමෙන්ම එය පසු කම්පන මාලාවකින් ද යුක්ත වූ බව සඳහන්.

මෙහි බලපෑම අසල්වැසි නේපාලයට සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී තිබුණු නමුත් නේපාල‍යෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැත.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම භූමිකම්පාව මෑත වසරවලදී චීනය අත්දුටු මාරාන්තිකම ඛේදවාචකය වන බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »