Search

නිවාස නොමැති ඔස්ට්‍රේලියානුවන් රැසක් වාහන වල නිදියයි

ඔස්ට්‍රේලියානුවන්ගෙන් හතරෙන් එකක් නිවසක් නොමැති වේ යන හේතුවෙන් බියට පත්ව ඇති බව නවතම අධ්‍යනයක දී අනාවරණය වී තිබෙනවා.

ජීවන වියදම් අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් 4න් එකක් මෙලෙස නිවාස අහිමි වේ යන බිය හේතුවෙන් පීඩා විදින බවයි ඔස්ට්‍රේලියානු ගැලවීමේ හමුදාව විසින් සිදු කළ අධ්‍යනයක දී හෙළිව ඇත්තේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 25ක් මෙලෙස නිවසක් අහිමි වේ යන බියෙන්  සිටිනු ඇති.

පුද්ගලයින් 1500 දෙනෙක් යොදාගනිමින් ගැලවීමේ හමුදාව විසින් මෙම අධ්‍යනය සිදු කර ඇති අතර ඊට සහභාගිවුවන්ගෙන් සියයට 71ක් සඳහන් කර ඇත්තේ ඔවුන් නිවාස ආතතියෙන් පෙළෙන බවයි.

තවත් සියයට 33ක් සඳහන් කර ඇත්තේ නිවාස කුළී මුදල් ගෙවීම් සති 4ක කාලයක් මේ වන විටත් ප්‍රමාද වී ඇති බවයි.

මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් සියයට 19කට පමණ තම වාහනයේ ම නිදා ගන්නා බවත් සඳහන් කර තිබෙනවා.

පසුගිය වසරේ දී ගැලවීමේ හමුදාව විසින් අවශ්‍යතා ඇති පුද්ගලයින් මිලියන 12 කට වඩා වැඩි ප්‍රමාණයක් සදහා රාත්‍රී නවාතැන් ලබා දී ඇති බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »