ප්‍රථම වතාවට පසුගිය වසරේ ජාත්‍යන්තර සිසුන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සදහා ඇතුළත් වී තිබෙනවා.
ඔස්ට්‍රේලියා අධ්‍යාපන අමාත්‍යංශ වාර්තා අනුව 2024 සැප්තැම්බර් වන විට 1,018,799ක් (දස ලක්ෂ දහ අටදහස් හත්සිය අනූ නවයක්) මෙරට පාසැල් මට්ටමේ සිට උසස් අධ්‍යාපයන දක්වා අධ්‍යාපන පද්ධතියට ඇතුලත් වී ඇති බවයි.
ඒ අනුව උසස් අධයාපනය සඳහා පමණක් සිසුන් 486,149ක් පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු අධ්‍යාපන පද්ධතියට ඇතුලත්ව තිබෙනවා.
කෙසේ වුවත් ශිෂ්‍ය වීසා අයදුම්පත් පෙර වසරට සාපේක්ෂව 2024 දී සියයට 40 කින් පමණ පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙරට අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසුන් 120000 ක පමණ අඩුවීමක් බව සදහන්.
මෙම වසර ආරම්භයේ සිට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සදහා එන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 270000 දක්වා සීමා කිරීමට ෆෙඩරල් රජය සුදානම් ව සිටිනවා.
කෙසේ වෙතත් අධ්‍යාපන විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වසර ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ අවම විදෙස් සිසුන් සංඛ්‍යාවක් මෙරට අධ්‍යාපනයට එක්වන වසරක් ලෙසයි.