Search

නේපාලයට ප්‍රබල භූ කම්පන තත්වයක් මියගිය ගණන ඉහළට

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් සටහන්ව තිබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන 06ක්ද සිදුව තිබෙනවා.

භූකම්පනයෙන් පුද්ගලයින් 32ක් මේ වන විට මිය ගිය බවයි වාර්තා වන්නේ.

මෙම කම්පනය බිහාර් සහ ඇසෑම් ඇතුළු උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකටද දැනී තිබුණා.

එම ප්‍රදේශවල ජනතාව මෙම කම්පනයත් සමග සිය නිවාසවලින් පිටතට පැමිණ තිබෙනවා.

නේපාලය පිහිටා ඇත්තේ භූ විද්‍යාත්මකව ක්‍රියාකාරී කලාපයකයි.

ඒ අනුව ඉන්දියානු සහ යුරේසියානු භූ තැටි එකිනෙක ගැටීම හේතුවෙන් නිරන්තරයෙන් මෙලෙස භූ කම්පන සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »