Search

2025 ප්‍රධාන බැංකු වල Cash Rate අගය අඩු වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු විසින් 2025 වසර සඳහා Cash Rate අගය වෙනස්වීම ගැන සිය පුරෝකථනයන් ඉදිරිපත් කර තිබෙනවා.

NAB සමූහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෘ ඉර්වින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 2024 වසර පුරාවට බොහෝ දෙනෙකුට ආර්ථික පීඩාවන් පැවතියත් මෙම වසරේ දී ඊට සුබවාදි පිළිතුරු ලැබෙන බවයි.

මෙම වසර ඔස්ට්‍රේලියානුවන්ට යම් සහනයක් අපේක්ෂා කරන වසරක් ලෙසයි ඇන්ඩෘ ඉර්වින් සදහන් කර ඇත්තේ.

වසර මැද භාගය වන විට පොලී අනුපාතිකය පහත වැටීම ආරම්භ වන බව සදහන් කර ඇති අතර මෙම වසරේ අවස්ථාව තුනකදී cash rate අගය වෙනස් වේ යැයි ඔහු පුරෝකතනය කර තිබෙනවා.

එම තත්වය මෙරට ආර්ථික අභියෝග වලට වඩාත් සාර්ථක ප්‍රතිචාර හිමිවන වසරක් ලෙසයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

විරැකියාවය අඩු වී වියදම් වලට සරිලන වැටුපක් හිමිවීම, කුලී නිවාස මිල අගය අඩුවීම වැනි වාසි සහගත අවස්ථා රැසක් මෙම වසරේ ඔස්ට්‍රේලියානුවන්ට හිමිවන බවයි NAB සමූහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෘ ඉර්වින් සදහන් කළේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »