
ඔස්ට්‍රේලියාවේ තරුණ ජනගහනය වැඩිම (Capital City) ප්‍රධාන නගරය ලෙස ඩාර්වින් නගරය නම් කර තිබෙනවා.
ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශ දත්ත අනුව වයස අවුරුදු 35ට අඩු වැඩිම ජනකායක් සිටින නගරය ලෙසයි ඩාවින් නම් කර ඇත්තේ.
මෙහි විශේෂත්වය ඩාවින් නගරය කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් වැඩි වශයෙන් සිටින නගරය ලෙස ද නම් කර තිබීමයි.

තවද එම ශ්‍රේණාගත කිරීම් අනුව ඔස්ට්‍රේලියාවේ මෙල්බන් අගනුවර වැඩිම තරුණ ජනගහනය සිටින ප්‍රධාන නගර අතර 4 වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඒ අනුව මෙලබන් හි තරුණ ජනගහනය ගණනය කර ඇත්තේ අවුරුදු 37ට අඩු වයස් සීමාව සැලකිල්ලට ගෙනයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරුදු 20ත් 40ත් අතර ජනගහන ප්‍රතිශතය සියයට 39ක් වන අතර මෙල්බන් නගරයේ එම වයසේ පසුවන්නන් ගණන සියයට 29ක් බව සඳහන්.
සංඛ්‍යා ලේඛණ කාර්යංශ දත්ත අනුව තරුණ ප්‍රජාව වැඩි වශයෙන් සිටින දෙවන නගරය කැන්බරා වන අතර තුන්වන ස්ථානය බ්‍රිස්බේන් ලෙසටයි නම් කර ඇත්තේ.