Search

ඔස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන රැකියා 15 නම් කෙරේ

ඔස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන රැකියා 15 පිළිබද නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

LinkedIn’s Jobs on the Rise වාර්තා අනුව ඔස්ට්‍රේලියාව පුරා වැඩිම ඉල්ලුමක් ඇති රැකියා මෙලෙස නම් කර තිබුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වඩාත් වේගයෙන් වර්ධනය වන රැකියාව ලෙස නම් කර ඇත්තේ ඉංග්‍රීසි ගුරු වෘත්තියයි.

තාක්‍ෂණික දියුණුව, වේගයෙන් වෙනස් වන රැකියා ස්වභාවය,  නව නිපුණතා ඉගෙනීම යන අංශ ඔස්සේ මෙම අධ්‍යනය සිදුකර තිබීම විශේෂත්වයක්.

එම ශ්‍රේණිගත කිරීමේ වේගයෙන් වැඩිවෙන දෙවන රැකියාව ආහාර ආපනශාලාවල වැඩ කරන සේවා දායකයින් නම් කර තිබෙනවා.

සංචාරක විශේෂඥයින්ට එම ශ්‍රේණිගත කිරීමේ හිමිවන්නේ 3වන ස්ථානයයි.

මෙම රැකියා AI තාක්ෂණය මගින් 100% replace කළ නොහැකි රැකියා ලෙසයි නම් කර ඇත්තේ.

තවද විදුලි නිර්මාණ ඉංජිනේරු, Cost controller,අරමුදල් රැස්කිරීමේ කළමනාකරුවන්,සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් ඒ අතරට අයත්.

2025 වසරේ ඔස්ට්‍රේලියාවේ වැඩි ඉල්ලුම ඇති රැකියා කාණ්ඩ සොයන පුද්ගලයින්ට මෙය වඩාත් වැදගත් වනු ඇති.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »