Search

මෙල්බන් හි ජනප්‍රිය තුරඟ තරඟ පිටියක සැක සහිත ගින්නක්

මෙල්බර්න් හි කෝල්ෆීල්ඩ් තුරඟ තරඟ පිටියේ ( Caulfield Racecourse) විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

අද උදෑසන 6.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සදහා හදිසි සේවා රැසක් කැදවා තිබුණා.

පොලිසිය මෙම තත්වය සැක කටයුතු ගින්නක් ලෙස අනුමාණ කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ගින්නෙන් අවට ප්‍රදේශ රැසක් දූමාරයෙන්  වැසි ගොස් ඇති බව සදහන්.

ගින්න හටගන්නා අවස්ථාවේ දී තුරඟ තරඟ පිටියේ කම්කරුවන් සිට ඇති අතර සියලු දෙනා ආරක්ෂිතව එම ස්ථානයෙන්  ඉවත් කර ඇති බව සදහන්.

ගින්න තරග පිටියේ ආසන පිටුපසින් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »