ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ඉදිරි සතියේ දී ක්වීන්ස්ලන්ඩ්, බටහිර ඔස්ට්‍රේලියා සහ Northern Territory යන ප්‍රාන්තවල සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය හේතුවෙන් බවයි පැවසෙන්නේ.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ආරම්භ වන අගමැතිවරයාගේ සංචාරය සන්ෂයින් කෝස්ට්, රොක්හැම්ප්ටන්, කෙයාන්ස් සහ මවුන්ට් ඊසා ප්‍රදේශ දක්වා විහිදෙනවා.
ඉන් පසුව අග්‍රාමාත්‍යවරය Northern Territory වෙත පිටත්වන අතර කිම්බර්ලි සහ පර්ත් හි සංචාරය කිරීමෙන් පසුව මෙම සංචාරය නිමාවට පත් වන බවයි වාර්තා වන්නේ.
Pre – Election Blitz යටතේ අග්‍රාමාත්‍යවරයා යටිතල පහසුකම්, සෞඛ්‍ය ක්ෂේත්‍රය , ළමා ආරක්ෂණය සහ නිවාස පද්ධතිය සම්බන්ධයෙන් පුළුල්ව අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවයි දැක්වෙන්නේ.
මෙවර මැතිවරණය ඔස්ට්‍රේලියාවේ අනාගතය තීරණය කිරීම හෝ ඔස්ට්‍රේලියාව පසුපසට රැගෙන යාම තීරණය කෙරෙන බවයි අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.