Search

බ්‍රිතාන්‍යයේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට වැදගත් පණිවිඩ කිහිපයක්

එක්සත් රාජධානිය තුළ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානුවන්ට ඉදිරියේ දී වියදම් අධික වනු ඇති බවට පුරෝකතනය කෙරෙනවා.

ඒ ජනවාරි 08 වනදා සිට එක්සත් රාජධානිය තුළ බලාත්මක වීමට නියමිත නව සංචාරක නීති හේතුවෙන් බවයි දැක්වෙන්නේ.

ඒ අනුව මාස හයක කාල සීමාවක් සදහා එක්සත් රාජධානියට පැමිණෙන ඔස්ට්‍රේලියානුවන්ට Elecronic Travel Authorisation (ETA) ලබාගැනීම සදහා අයදුම් කිරීම අනිවාර්ය වනවා.

මේ සදහා ඔස්ට්‍රේලියා ඩොලර් 20 ක පමණ මුදලක් වැය වන බවයි පැවසෙන්නේ.

UK ETA App හෝ UK Home Office වෙබ් අඩවිය ඔස්සේ ඒ සදහා අයදුම් කළ හැකියි.

Elecronic Travel Authorisation (ETA) ලබාගැනීම සදහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඒ සදහා අවශ්‍ය ගෙවීම් සිදුකිරීමෙන් පසුව වැඩ කරන දින තුනක් ඇතුළත Email Confirmation එකක් ලැබෙනු ඇති.

මෙම අයදුම් කිරීමේ ක්‍රියාවලිය සදහා විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් සහ අයදුම්කරුගේ මුහුණ පැහැදිලිව පෙනෙන ඡායාරූපයක් ඇතුලත් කිරීම සිදු කළ යුතුයි.

කෙසේ වෙතත් ඒ සදහා තම සංචාරක ගමනාන්ත සම්බන්ධ තොරතුරු ඇතුළත් කිරීමට අවශ්‍ය නොවන බව ද වැඩිදුරටත් සදහන්.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »