සංචාරකයින්ට පහසුවෙන් පාගමනින් යා හැකි ආසියාතික රටවල් හි ප්‍රධාන නගර පිළිබද අධ්‍යනයක් සිදු කර තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ කොළඹ නගරය සංචාරකයින් සදහා පාගමනින් පහසුවෙන් යා හැකි නගරයක් ලෙසයි නම් කර ඇත්තේ.
Preply සමීක්ෂණ වාර්තා අනුව ලොව සංචාරකයින් සදහා පා ගමනින් යා හැකි නගර අතර අංක
එකට නම් කර ඇත්තේ ඩුබායි නගරයයි.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය කාම්බෝජයේ Phnom Penh නම් කර තිබෙනවා.
තවද එම ශ්‍රේණිගත කිරීමේ කොළඹ නගරයට හිමිව ඇත්තේ 14 වන ස්ථානයයි.
සංචාරකයින්ට පොදු ප්‍රවාහනයට, ප්‍රමුඛ ස්ථානය වලට ලගාවීම හා වාණිජ ගණුදෙනු වෙත පහසුව, සාප්පු සවාරි, මාර්ග සංඥා යන සාධක මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබීම විශේෂත්වයක්.
එම ශ්‍රේණිගත කිරීමේ 15 වන තැනට නම් කර ඇත්තේ ජපානයේ ටෝකියෝ නගරයයි.
මීට අමතර සිංගප්පූරුව, මුම්බායි සහ බැංකොක් නගරය ද එම ශ්‍රේණිගත කිරීමට ඇතුලත් බව සදහන්.