Covid 19 වසංගතයෙන් පසුව සේවකයන් නැවතත් පූර්ණ කාලීනව කාර්යාලවල සිට පමණක් රාජකාරී කිරීම සදහා යොමු කිරීමේ ඔස්ට්‍රේලියාවේ ප්‍රයත්නය සම්බන්ධයෙන් සේවකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබෙනවා.
මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතැම් සේවකයන් තුළ ඇත්තේ සෘණාත්මක ප්‍රතිචාර වීම ද විශේෂත්වයක්.
ඒ අනුව ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යංශ දත්ත වාර්තාවලට අනුව පෙනී යන්නේ Covid 19 වසංගත සමයේ දරුණුම කාල සීමාව වනවිට ඔස්ට්‍රේලියානු සේවකයන්ගෙන් 36% ක් පමණ නිවසේ සිට රාජකාරී කටයුතු සිදු කර තිබෙන බවයි.
කෙසේ වෙතත් පසුකාලීනව මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ සමීක්ෂණවල ප්‍රතිඵල ඔස්සේ අනාවරණය වී ඇත්තේ ඔස්ට්‍රේලියානු සේවකයන්ගෙන් 41% ක් පමණ අකමැත්තෙන් වුවද නැවත කාර්යාලීය සේවය සදහා යොමු වන බවයි.
මේ අතර ඉන් 26% ක් පමණ නිවසේ හෝ කාර්යාලයේ සිට සිය රාජකාරී කටයුතු සිදු කිරීමට කැමැත්තක් දක්වා තිබීම ද විශේෂත්වයක්.
මෙවැනි පසුබිමක් තුළ සමීක්ෂණ සදහා දායකත්වය ලබාදුන් සේවකයන් 6% කගේ අදහස වී ඇත්තේ තම රැකියාවෙන් ඉවත් වන බවයි.