Search

වික්ටෝරියාවේ අතුරු මැතිවරණ 02 කට දින නියම වෙයි

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණ දෙකක් සදහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 08 වනදා එම මැතිවරණ පැවැත්වීමට නියමිතයි.

මෙල්බන් හි බටහිර Werribee ආසනය සදහා මෙන්ම මෙල්බන් නාගරික කලාපයේ Prahran සදහායි මෙලෙස අතුරු මැතිවරණ දෙකක් පැවැත්වෙන්නේ.

අදාළ ආසන දෙක නියෝජනය කළ සභිකයන් පුරප්පාඩු වීම හේතුවෙනුයි මෙලෙස අතුරු මැතිවරණ පැවැත්වීමට නියමිතව ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්ත ලිබරල් පක්ෂ විපක්ෂ නායක Brad Battin මුහුණ දෙන පළමු තීරණාත්මක මැතිවරණය මෙය වීම ද විශේෂත්වයක්.

පසුගිය වසර අවසානයේ දී නායකත්ව සටනකින් එවක විපක්ෂ නායක John Pesutto පරදා එම ධූරයට තේරී පත් වීමට ඔහුට හැකියාව ලැබුණා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »