Search

සියලු ඔස්ටේ්‍රලියානුවන්ට ඔක්තෝබර් වනවිට කොවිඩ් එන්නත දීමේ සැළසුම නවතී

සියලුම ඔස්ටේ්‍රලියානුවන්ට ලබන ඔක්තෝබර් මාසය වනවිට කොවිඩ් මර්දන එන්නතක් දීමේ තම සැළසුම අතහැර දැමීමට සිදුවී ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ලබන වසර බවන තෙක් එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වනු ඇති බවටයි ඔහු අනාවැකි පළකරන්නේ.

රුධිර කැටි ගැසීමේ අවධානම හමුවේ ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිතය වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයන් සඳහා අත්හිටුවීමටයි මේ වනවිට තීරණය වී ඇත්තේ.

ඒ අනුව ෆයිසර් එන්නත් ඇණවුම් සංඛ්‍යාව දෙගුණ කිරීමටද පියවර ගෙන ඇතැයි අගමැති මොරිසන් වැඩිදුරටත් කියාසිටියා.

මේ අතර දිනපතා එන්නත් ලබාදී ඇති පුද්ගල සංඛ්‍යා Online ක්‍රමයට නිල වශයෙන් මහජනතාව වෙත ලබාදීමද අද ආරමහ්භ කෙරුණා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »