Search

චීනයේ HMPV වෛරසය, ඉන්දියාවේ මාස අටක් වයසැති ළදරුවෙක්ට වැළඳෙයි

චීනයෙන් වාර්තා වූ HMPV වෛරසය (Human metapneumovirus) ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු තුළින් හඳුනාගැනීමෙන් පසුව, දිල්ලි රජය මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස මාර්ගෝපදේශ නිකුත් කර තිබුණ ද, නගරයේ හුස්ම ගැනීමේ ගැටළුවල විශාල වැඩිවීමක් වාර්තා වී නොමැති බවයි එරට රජය අවධාරණය කර ඇත්තේ.

නමුදු HMPV සහ අනෙකුත් ශ්වසන රෝග පැතිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ වන සූදානම, අදාළ මාර්ගෝපදේශ නිකුතුව මඟින් තහවුරු කරනු ඇති.

ඉන්දියාවේ ප්‍රථම HMPV ධනාත්මක රෝගියා ලෙස වාර්තා වී තිබුණේ, බැංගලෝර් හි මාස අටක් වයසැති ළදරුවෙක් අරඹයා කළ පරීක්ෂාවකිනි.

නමුදු අදාළ ළදරුවාට හෝ පවුලේ උදවියට මෑත කාලීන සංචාරක ඉතිහාසයක් නොතිබුණු බව සඳහන්.

HMPV රෝග ලක්ෂණ අතරට කැස්ස, උණ, දියර ගැලීම යනාදි සාමාන්‍ය ශ්වසන ආබාධ ඇතුළත්. එමඟින් ඇතැම් පුද්ගලයින් තුළින් හුස්ම හිරවීමේ තත්ත්වයන් වාර්තා විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය රජය අවධාරණය කර ඇත්තේ චීනයේ තත්ත්වය ද අසාමාන්‍ය නොවන බවයි.

එම රෝග පැතිරීමට එරෙහිව කටයුතු කිරීම සඳහා ඉන්දියාව හොඳින් සූදානම්ව ඇති හෙයින් සන්සුන්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇති බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »