Search

වික්ටෝරියා හි ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද සිට 40C ඉක්මවයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට මෙම සතිය දැඩි තාප තරංග අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

කාළගුණ විද්‍යා කාර්යාංශය සදහන් කළේ
Melbourne, Ballarat, Moe, Mallacoota, Omeo, Shepparton, Traralgon, Wangaratta, Albury-Wodonga සහ Warragul යන ප්‍රදේශ සියල්ලම ඉහළ උෂ්ණත්වයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Bendigo සහ Tullamarine යන ප්‍රදේශ වල මෙම සතිඅන්තයේ ඉරිදා සෙල්සියස් අංශක 40 ක උෂ්ණත්වයකට ළඟා වනු ඇති අතර, Shepparton සෙල්සියස් අංශක 41 ට ඉහළ උෂ්ණත්වයක් කරා යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

දැඩි තාප තරංග මගින් විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයින්, ළදරුවන්, ළමුන්, ගර්භනී සහ කිරි දෙන කාන්තාවන්, රෝගී තත්වයන් ඇති පුද්ගලයින් සහ අසනීප වූ පුද්ගලයින්ට අනතුරුදායක විය හැකි බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »