සිඩ්නි හි Manly ප්‍රදේශවාසියෙකු විසින් Lotto දිනුම් ඇදීමකින් විශාල ත්‍යාග මුදලක් ජයග්‍රහණය කර තිබෙනවා.
ඔහු ජයග්‍රහණය කළ ත්‍යාග මුදලේ වටිනාකම ඩොලර් මිලියන 2.1 ක් බවයි වාර්තා වන්නේ.
ජනවාරි 04 වෙනිදා ක්‍රියාත්මක වූ Lotto දිනුම් ඇදීමේදී මෙම ත්‍යාග මුදල ඔහු විසින් ජයග්‍රහණය කර තිබීම ද විශේෂත්වයක්.
The Lott හි නිලධාරියෙකු විසින් ඒ පිළිබදව දැනුම්දෙන තුරුම මෙම පුද්ගලයා තමන් ත්‍යාග මුදලක් ජයග්‍රහණය කර තිබෙන බවට දැන සිටියේ නැහැ.
ජයග්‍රහණය කළ ත්‍යාග මුදලින් ඔහු තම මුල්ම නිවස මිලදී ගැනීමට සැලසුම් කරමින් සිටින බව ද සදහන්.
කෙසේ වෙතත් පසුගිය සතියේ දී The Lott විසින් අනාවරණය කර තිබුණේ ඩොලර් මිලියන 21.42 ත්‍යාග මුදල් ලබාගැනීම සදහා ඒවායේ ජයග්‍රාහකයින් තවමත් ඉදිරිපත් වී නොමැති බවයි.