Search

වික්ටෝරියා නිවසක තිබූ දුර්ලභ Barbie Doll එකතුවක් අතුරුදහන්

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවසක තිබූ දුර්ලභ Barbie Doll එකතුවක් සොරකම් කර තිබෙනවා.

බෝනික්කන් 150 ක පමණ එකතුවක් මෙලෙස සොරකම් කර ඇති අතර ඒවයේ වටිනාකම ඩොලර් 15,000 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton ආසන්නයේ පිහිටි Tatura හි විලියම් වීදියේ පිහිටි නිවසක් බවයි පැවසෙන්නේ.

සිද්ධිය සිදුව ඇති අවස්ථාවේදී නිවැසියන් නිවාඩුවක් ගතකිරීම සදහා නිවසින් පිටතට ගොස් ඇතැයි සදහන්.

මේ අතර කොල්ලකරුවන් විසින් නිවසේ තිබූ එල්විස් ප්‍රෙස්ලි සිහිවටන ඇතුලු තවත් භාණ්ඩ කිහිපයක් ද සොරකම් කර තිබෙනවා.

මෙම Barbie Doll එකතුව නිවැසියන් විසින් වසර 12 ක් තිස්සේ එකතු කළ ඒවා වීම ද විශේෂත්වයක්.

සොරාගෙන තිබෙන Barbie Doll එකතුව 1970 සිට 2017 අතර කාලසීමාවට අයත් වන බවත් ඒවායෙන් බහුතරයක් අතිශයින්ම දුර්ලභ වන බවයි සැලකෙන්නේ.

මේ අතර අන්තර්ජාලය හරහා බෝනික්කන් අලෙවි කරන පුද්ගලයන් පිළිබදව විමසිල්ලෙන් පසුවන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »