Search

මෙල්බන් ගුවන්තොටුපලේ සිදුවූ අනතුර ගැන ගුවන් සමාගමෙන් ප්‍රකාශයක්

මෙල්බන් ගුවන් තොටුපලේ සිට පියාසර කිරීමට නියමිතව තිබූ Etihad Airways ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසි ගින්නක් ඇතිව තිබුණා.

එම අවස්ථාවේ දී ගුවන් යානය තුළ මගීන් 300 ක් පමණ සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම ආරක්ෂිතව යානයෙන් පිටතට ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

පැයට කිලෝමීටර 300ක පමණ වේගයෙන් ගමන් ඇරඹි ගුවන්‍ යානයේ රෝද දෙක පුපුරා ගොස් මෙම ගිනි ගැනීම සිදුව තිබුණා.

මේ හේතුවෙන් රාත්‍රී 7න් පසු මෙල්බන් ගුවන් තොටුපලේ ගුවන් ගමන් 3ක් තාවකාලිකව නවතා දැමු බව සදහන්.

ගිනි ගැනීමෙන් හානියට පත් ගුවන් පතය මේ වන විට ප්‍රතිසංස්කරනය කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක්වූයේ  Etihad Airways ගුවන් සමාගමට අයත්  Boeing 787-9 Dreamliner යානයයි.

ගින්න පැතිරවීම පාලනය කිරීම සදහා ගුවන් තොටුපල ගිනි නිවන අංශ ක්ෂණිකව ක්‍රියා කර බව සදහන්වනවා.

Etihad Airways සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මෙය තාක්ෂණික දෝෂයක් වන අතර තම කාර්ය මණ්ඩලය අනතුර හදුනාගත් විගස එය පාලනය කිරීමට කටයුතු කල බවයි.

සිදුවීමෙන් අපහසුතාවයට පත් ගුවන් මගීන්ගෙන් සමාව අයද සිටින අතර අපගේ පාරිභෝගිකයින් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුවපහසුව අපගේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සදහන් කර තිබුණා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »