![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
ක්වින්ස්ලන්ඩ් හි Bruce අධිවේගී මාර්ගයේ ඊයේ රාත්‍රියේ වාහන දෙකක් මුහුණට මුහුණලා එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
අනතුරින් 11 හැවිරිදි දරුවෙක් බරපතල තුවා ලබා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
ක්වින්ස්ලන්ඩ් පොලීසිය සදහන් කලේ මෙලෙස මියගොස් ඇත්තේ 43 සහ 57 වියෙහි පසුවූ පුද්ගලයින් දෙදෙනෙක් බවයි.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
2024 වසරේ ක්වින්ස්ලන්ඩ් හි අධිවේගී මාර්ග අනතුරු මරණ 302ක් වාර්තා වී ඇති අතර වසර 15කට පසු වාර්තා වූ වැඩිම මාර්ග මරණ සංඛ්‍යා මෙය බව සදහන්.
පසුගිය වසරේ Bruce අධිවේගි මාර්ගයේ මරණ 41 ක් සිදු වූ අතර එය පෙර වසරවලට වඩා මරණ 29කින් ඉහළයෑමක් බව සදහන්.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
මෙය ප්‍රාන්තයේ හදිසි තත්වයක් වන අතර අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරුවලින් සියයට 50ක් පමණ මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවීම වීම විශේෂත්වයක්.
Bruce Highway හි ආරක්ෂාව තරු 4 හෝ 4.5 ශ්‍රේණිගත කිරීමක් දක්වා ගෙන ආ යුතු බවටයි බොහෝ දෙනා යෝජනා කරන්නේ.