Search

WhatsApp පරිෂීලකයින්‍ට නව සේවා රැසක් හදුන්වා දෙයි

WhatsApp යෙදවුමේ නව යාවත්කාලීන (Update) කිරීමක් සිදු කර තිබෙනවා.

මෙම යාවත්කාලීන කිරීම හරහා, WhatsApp යෙදවුමෙන් කණ්ඩායම් කතාබස් (Group Call) ඇමතුමක් ආරම්භ කරන විට, ඔබට නිශ්චිත සහභාගිවන්නන් පමණක් තෝරා ගත හැකියි.

ඒ, අනුව අවශ්‍ය අය පමණක් තෝරාගෙන අනෙක් අයට බාධා නොකර ඔබට ඇමතුම් ලබාගැනීමට මේ වනවිට හැකියාව පවතිනවා.

ලොව පුරා පරිශීලකයින් දිනකට WhatsApp හරහා ඇමතුම් බිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගන්නා බව සඳහන්.

මේ වනවිට WhatsApp යෙදවුම ලොව පුරා අතිශය ජනප්‍රිය වී තිබෙනවා.

එමෙන්ම WhatsApp හරහා මේ වනවිට වඩාත් විනෝදජනක වීඩියෝ ඇමතුම් ලබාගැනීමටද හැකියාව පවතිනු ඇති.

ඒ අනුව පරිශීලකයින්ට වීඩීයෝ ඇමතුම් ලබාගැනීමේදී, බලු පැටවුන්ගේ කන් එකතු කිරීමට, ජලය යට සිටින බව පෙන්වීමට සහ කැරෝකී සඳහා මයික්‍රෆෝනයක් යෙදවීම වැනි දෑ පෙන්වීමට විවිධ විශේෂාංග එක්කර තිබෙනවා.

එමඟින් ඔබේ වීඩියෝ ඇමතුම් වඩාත් විනෝදජනක සංවාද බවට පරිවර්තනය වන අතර ඒ සඳහා ප්‍රයෝග දහයක් එක්කර ඇති බවද සඳහන්.

ඩෙස්ක්ටොප් හරහා ඇමතුම්වලට සම්බන්ධ වන අයට ඇමතුමක් ආරම්භ කිරීමට, ඇමතුම් සබැඳියක් සෑදීමට ද හැකියි.

එමෙන්ම යම් අංකයක් කෙලින්ම ඇමතීමට අවශ්‍ය සියලු පහසුකම් ද මෙම යාවත්කාලීන කිරීම හරහා ලබාගත හැකි බවට එම සමාගම විසින් දැනුම් දී තිබෙනවා.

යෙදවුම භාවිතයේදී, ජංගම දුරකථනවලට මෙන්ම පරිගණකවලට ද විශේෂ අවධානයක් යොමු කර ඇති එම සමාගම නිවේදනය කර ඇත්තේ, WhatsApp පරිශීලකයින්ට එම යෙදවුම භාවිත කිරීම පහසු කරවීමට අවශ්‍ය කටයුතු තවදුරටත් සිදුකරන බවටයි.

Monara

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »