රිය ධාවනයේදී දුරකථනය නැතුවම බැරි වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අලුත්ම පණිවිඩයක්

වික්ටෝරියානු ප්‍රාන්තයේ ජංගම දුරකථන භාවිත කරමින් රිය පදවන පුද්ගලයින්ව නීතියේ රැහැනට හසු කරගනිමින් දඩ පැමිණවීමට ප්‍රාන්ත රජය සූදානම් වේ.

මේ සඳහා නවීන තාක්ෂණයෙන් යුතු විශේෂ කැමරා වර්ගයක් ස්ථාපනය කිරීමට නියමිතය.

මාස 3 ක කාලය තුළ වාහන 679,438 ක් පරීක්ෂා කර තිබේ.

එම ප්‍රමාණයෙන් සෑම වාහන 42 ටම එක් අයෙකු රිය පදවන විට ජංගම දුරකථන භාවිතා කරමින් රිය පදවන බවට නිරීක්ෂණය කර ඇත.

වසර 2030 වන විට වාහන අනතුරු වලින් සිදුවන මරණ අඩකින් අඩු කිරීම සහ තුවාලකරුවන් සැලකිය යුතු ලෙස අඩු කිරීම මෙම නව මාර්ග ආරක්ෂණ උපාය මාර්ගයේ අරමුණවේ.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »