
ලොව Visa ලබා ගැනීම සදහා පහසුම රටවල් පිළිබදව ශ්‍රේණිගත කිරීමක් සිදු කර තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ Brand Finance ආයතනය විසින් වීම ද විශේෂත්වයක්.
ඒ අනුව ලොව වීසා ලබාගැනීම සදහා පහසුම රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 33 වන ස්ථානයයි.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව දකුණු ආසියානු කලාපයේ ප්‍රධානම ගමනාන්තයක් ලෙස කොළඹ නගරයට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබෙන බවයි පැවසෙන්නේ.
එමෙන්ම නවතම Brand Finance Global City Index හීදී කොළඹ නගරයට 84 වන ස්ථානය හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය වසර කොළඹ නගරයට එහි 78 වන ස්ථානය හිමිව තිබුණු බවයි දැක්වෙන්නේ.
මේ අතර සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් කොළඹ නගරයට 74 වන ස්ථානය හිමිවී තිබීම ද කැපී පෙනෙනවා.
පසුගිය කාල සීමාවට සාපේක්ෂව සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ස්ථාන 10 ක් ඉදිරියට පැමිණීමට කොළඹ නගරයට හැකියාව ලැබී තිබීම ද විශේෂත්වයක්.
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයට අයත් රෝහල් පද්ධතිය සහ නවීන පහසුකම් මේ සදහා හේතුවී තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.