Search

වික්ටෝරියානුවන්ට සරම්ප අනතුරු ඇඟවීමක්

මෙල්බන් නගරයෙන් සරම්ප රෝගියෙකු වාර්තා වීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයට බල පැවැත්වෙන පරිදි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස අග භාගයේදී Cranbourne ප්‍රදේශය තුළ සරම්ප රෝගය ආසාදනය වූ පුද්ගලයෙකු හදුනා ගැනීමත් සමගයි.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තය තුළින් මෑත කාලීනව සරම්ප රෝගියෙකු හදුනා ගත සිව් වන අවස්ථාව මෙය වන බවයි සැලකෙන්නේ.

එම රෝගීන් සිව් දෙනාම අග්නිදිග ආසියාව තුළ සංචාරය කර තිබීම ද විශේෂත්වයක්.

මෙම රෝගියා දෙසැම්බර් 27 සහ 28 යන දෙදින තුළ ගිනිකොණදිග මෙල්බන් හි පිහිටි Cranbourne ප්‍රදේශයේ පොදු ස්ථාන දෙකකට ගොස් තිබෙන බවයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව විසින් පෙන්වා දී ඇත්තේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ගතවූ මාස 12 ක කාල සීමාව තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් සරම්ප රෝගීන් 17 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

සරම්ප රෝගය ඉතා ඉක්මනින් බෝ වන වෛරස් තත්වයක් වන අතර කුෂ්ඨ සහ අධික උණ එහි ඇතැම් රෝගී ලක්ෂණ වන බවයි පැවසෙන්නේ.

මෙවැනි රෝගී ලක්ෂණ සහිත පුද්ගලයන් සිටී නම් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදින ලෙසත් එහි වැඩිදුරටත් සදහන්.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »