ඔස්ට්‍රේලියානුවන්ට පසුගිය වසරේදී වැළදුණු රෝග රැසකට හේතුවී ඇත්තේ අධිබර සහ තරබාරුකම බවට හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව Australian Burden of Disease Study හරහා පෙන්වා දී ඇත්තේ අධිබර සහ තරබාරුකම පසුගිය වර්ෂය තුළ රෝග ඇතිවීම කෙරෙහි දුම්පානයටත් වඩා ප්‍රබල රෝග කාරකයක් බවට පත්ව ඇති බවයි.
2024 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට ඇතිවූ රෝගවලින් 8.3% කට හේතු වී ඇත්තේ අධිබර සහ තරබාරුකමයි.
මේ අතර දුම්කොල භාවිතය හේතුවෙන් ඇතිවන රෝගී තත්වයන් 2003 වසරේ සිට 41% කින් පහත වැටී තිබීම ද විශේෂත්වයක්.
ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන දුම්කොල නියාමන ප්‍රතිපත්ති ඔස්සේ මේ වනවිට සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට සමත් වී තිබෙන බවයි ඔස්ට්‍රේලියා මහජන සෞඛ්‍ය සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ටෙරී ස්ලෙවින් විසින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.