වික්ටෝරියා ප්‍රාන්ත සංචාරක ඒජන්සිය විසින් මෝනිංටන් අර්ධද්වීපයේ පිහිටි වෙරළ තීරයක් සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යයේ පළ කර තිබූ සටහනක් ඉවත් කර තිබෙනවා.
එහිදී “Pristine Swimming Spot” ලෙස එම වෙරළ තීරය හදුන්වා තිබුණු බවයි දැක්වෙන්නේ.
රයි හි බාස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි අංක 16 දරන වෙරළ තීරය සම්බන්ධයෙන් පළ කර තිබූ සටහන මෙලෙස ඉවත් කිරීමටයි ඔවුන් විසින් පියවර ගෙන ඇත්තේ.
එම වෙරළ තීරය තුළ ජීවිත ආරක්ෂකයින් සේවය නොකරන බවයි වාර්තා වන්නේ.
Visit Victoria වෙබ් අඩවිය විසින් ද මෙම වෙරළ තීරය නිර්දේශ කර ඇත්තේ පළපුරුදු පිහිනුම්කරුවන් සදහා පමණයි.
පසුගිය සෙනසුරාදා දිනයේ දී පමණක් ප්‍රාන්ත වෙරළ තීරයන් හීදී පුද්ගලයන් 145 දෙනෙකුගේ පමණ ජීවිත බේරා ගැනීමට කටයුතු කර තිබෙන බවයි Life Savings Victoria හි ප්‍රාන්ත අණ දෙන නිලධාරී Kane Treloar විසින් පෙන්වා දී ඇත්තේ.