ඔස්ට්‍රේලියා නිවාස අර්බුදය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වන නවතම සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
“Big Youth Survey” නමින් හදුන්වන මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ ඔස්ට්‍රේලියානු EdTech සංවිධානයේ “Year 13” විසින් වීම ද විශේෂත්වයක්.
ඒ සදහා ඔස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව දායක කර ගෙන තිබෙන බවයි දැක්වෙන්නේ.
මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව අනාවරණය වී ඇත්තේ ඔස්ට්‍රේලියානු තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු තමන්ට ජීවිත කාලය අවසන් වන තෙක් කුලී නිවැසියෙකු ලෙස ජීවත් වීමට සිදුවන බවට විශ්වාස කරන බවයි.
සමීක්ෂණය සදහා සම්බන්ධ වූ වයස අවුරුදු 18 – 24 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ඔස්ට්‍රේලියානුවන් 36% කගේ මතය වී ඇත්තේ තමන්ට නිවසක හිමිකම ලබාගැනීමට නොහැකි වන බවයි.
සමීක්ෂණය සදහා දායකත්වය ලබාදුන් 25% ක් පමණ තවමත් තම දෙමව්පියන් සමග ජීවත් වන බව ද සදහන්.
සමීක්ෂණය සදහා සහභාගී වූ වයස අවුරුදු 25 – 29 ත් අතර පසුවන ඔස්ට්‍රේලියානුවන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු දෙමව්පියන්ගේ නිවසින් පිටව යෑමට අපේක්ෂා කරන බවයි අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් ඉන් 3% ක් පමණ අවධාරණය කර ඇත්තේ තමන් දැනට ජීවත්වන නිවසින් පිටවීමට කිසිසේත්ම අදහස් නොකරන බවයි.
ඉහළ යන නිවාස මිල සැලකිල්ලට ගනිමින් බොහෝ දෙනෙකු ඊට ස්ථිර විසදුමක් ලෙස කුලී නිවාස කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවයි මෙහි ප්‍රතිඵල ඔස්සේ වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.