Search

මගීන් 300ක් රැගත් යානය මෙල්බන් ගුවන්තොටුපලෙන් ගමන් ඇරඹිමත් සමග ගින්නක්

මෙල්බන් ගුවන් තොටුපලේ සිට පියාසර කිරීමට නියමිතව තිබූ Etihad Airways ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසි ගින්නක් ඇත්වී තිබෙනවා.

එම අවස්ථාවේ දී ගුවන් යානය තුළ මගීන් 300 ක් පමණ සිට ඇතැයි වාර්තා වනවා.

යානය ගුවන්ගත වීම ආරම්භ කිරීමත් සමග එහි ගොඩබෑමේ ආම්පන්නවල මෙම ගින්න ඇතිවී තිබෙන බවයි දැක්වෙන්නේ.

ගින්න හේතුවෙන් යානයේ රෝද දෙකක් පුපුරා ගොස් ඇතැයි සදහන්.

මේ හේතුවෙන් එම ගුවන් ගමන තාවකාලිකව නවතා දමා ඇති බවයි දැක්වෙන්නේ.