ඉහළ යන ජීවන වියදම් පදනම් කරගෙන ඉදිරියේ දී ආහාර පාන රැසක මිල ඉහළ යා හැකි බවට අනුමාන කෙරෙනවා.
ඒ අනුව මෙම වර්ෂය අවසන් වනවිට කෝපි කෝප්පයක මිල ඩොලර් 8 සිට ඩොලර් 12 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ අදහස වී ඇත්තේ මිල ඉහළ දැමීම හැර මීට වෙනත් විකල්පයක් ඔවුන් සතුව නොමැති බවයි.
මේ අතර ලබන මාසයේ සිට බීර මිලද ඉහළ යනු ඇති බවට බීර නිෂ්පාදකයන් විසින් සදහන් කර තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ ෆෙඩරල් රජය විසින් මාස 6 කට වරක් මත්පැන් බදු ඉහළ දැමීම බවයි වාර්තා වන්නේ.
මෙම බද්ද 2% ත් 3% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට අනුමාන කෙරෙන අතර ඒ හේතුවෙන් ඉදිරියේ දී බියර් පයින්ට් එකක මිල ඩොලර් 15 ක් පමණ විය හැකි බවටයි බියර් නිෂ්පාදකයින් විසින් පෙන්වා දී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය Kristy McBain ගේ අදහස වී ඇත්තේ මෙය බදු නීතියේ සාමාන්‍ය ක්‍රියාවලිය වන බවයි.