Search

Border – Gavaskar ටෙස්ට් තරගාවලියෙන් තවත් වාර්තාවක්

වසර 10 කට පසු ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක් අත් කර දෙමින් අද (05) නිමාවට පත්වූ බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලිය නැරඹීමට පැමිණි සමස්ත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව පිළිබදව වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

ඒ අනුව තරග පහකින් සමන්විත වූ තරගාවලිය නැරඹීම සදහා 837,879 ක වාර්තාගත ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පැමිණ ඇති බවයි දැක්වෙන්නේ.

මෙය ඉන්දු – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියක ප්‍රේක්ෂක සහභාගීත්වය සම්බන්ධ නව වාර්තාවක් ලෙසයි ක්‍රීඩා විශ්ලේෂකයින් විසින් පෙන්වා දී ඇත්තේ.

තරගාවලිය පුරාවට ඇතිවූ ඇතැම් සිදුවීම් හේතුවෙන් දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගේ විශේෂ ආකර්ෂණයක් මෙවර තරගාවලිය සදහා ලැබී තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය මෙම වසරේ ජූනි මස 11 වනදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »