චීනය පුරා දරුණු වෛරසයක් යළි පැතිර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෝ චීන රජයෙන් එවැනි තත්ත්වයක් පවතින බවට මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැති බව හෙළිව තිබෙනවා.
හියුමන් මෙටානියුමෝනියා හෙවත් එච් එම් පී වී නැමැති වෛරසය චීනය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවට මේ දිනවල විවිධ ප්‍රචාර පවතිනවා.
කෝවිඩ් 19 වෛරසය ඇති වී වසර 5කට පසු චීනයේ යළි වෛරසයක් ව්‍යාප්ත වන බවටයි ඇතැම් වාර්තා පළ වී තිබුණේ.
එම වෛරසය වැළදුනු රෝගින්ගෙන් චිනයේ රෝහල් පිරී පවතින බවට ද වාර්තා පළ වුණා.
එහෙත් චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බවයි.
ශිත සෘතුව ආරම්භ වීමත් සමග ශ්වසන රෝග උත්සන්න වීම සාමාන්‍ය තත්ත්වයක්.
කෙසේ වුවද පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී එවැනි ශ්වසන ආබාධවල බලපෑම ද අවම මට්ටමක පවතින බවයි චීන විදේශ අමාත්‍යාංශය කියා සිටින්නේ.
ඔවුන් ලෝකයට අවධාරණය කරන්නේ චීන සංචාරකයන් සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවයි.
තම රටේ වැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරනවා.
මේ අතර චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ද පෙන්වා දෙන්නේ තමන්ට මෙවැනි දරුණු තත්ත්වයක් පිළිබද කිසිවක් වාර්තා වන්නේ නැති බවයි.
චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින් ද සදහන් මර ඇත්තේ තමන්ට කිසිදු සෞඛ්‍යමය බලපෑමක් නැති බවයි.
චීනයේ මෙම ශ්වසන අපහසුතා තත්ත්වය ශිත සෘතුවේ දී බහුලව දක්නට ලැබෙන දෙයක් බවත් එය නව වෛරසයක් වු වසංගත තර්ජනයක් නොවන බව ඇතැම් විශේෂඥයින් පවා පවසනවා.
කෙසේ වුවද මෙම එච් එම් පී වී වෛරස තත්ත්වය සතියක් වැනි කාලයක් තුළ පහව යා හැකි බව ද විශේෂඥයින් පවසා තිබෙනවා.