මෙල්බන් හි නැගෙනහිර කලාපයේ ජනප්‍රිය සාප්පු සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.
අද අලුයම 2.30 පමණ ගින්න හටගෙන ඇති අතර ගින්න මුලු ගොඩනැගිල්ල පුරාම පැතිරගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගිනි නිවන බටයින් 100කට ආසන්න පිරිසක් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ ගුවන් යානාවක් ද කැදවා තිබෙනවා.
වික්ටෝරියා පොලීසිය ඒ අවට පදිංචිකරුවන් 25ත් 30ත් අතර පිරිසක් මේ වන විට ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැති අතර ගින්න මැඩ පැවැත්වුනත් ඒ අවට දැඩි දුමාරයක් පවතින බව සදහන්.
ගින්නට හේතුව සැක සහිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධයෙන් යම් හෝඩුවාවක් දන්නේ නම් 1800 333 යන දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබද දන්වන ලෙසයි මහජනයාට දැනුම් දී ඇත්තේ.