ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයේ ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (05) සමත් වුණා.
වෙලින්ටන් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43.4 ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56 ක් එක් කිරීමට සමත්කම් දැක්වූවා.
ලකුණු 179 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26 යි පන්දු 2 ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.
ඒ අනුව තරග 03 කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 1 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වී ඇත්තේ නවසීලන්ත කණ්ඩායමයි.