Search

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි

ඔස්ට්‍රේලියා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවති බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ පස්වන සහ අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 06 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමත් සමගයි.

ජනවාරි 03 වනදා සිඩ්නි හීදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ වෙතත් ඉන්දීය පළමු ඉනිම ලකුණු 185 කට සීමා කිරීමට ස්කොට් බෝලන්ඩ් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

සිය දෙවන ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියා කණ්ඩාටමට ද සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 181 පමණයි.

නමුත් ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිමේදී ද අසර්ථක පිතිකරණ විලාසයක් ප්‍රදර්ශනය කළා.

ඒ හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට සිය දෙවන ඉනිම වෙනුවෙන් රැස් කර ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්කොට් බෝලන්ඩ් ලකුණු 45 කට කඩුලු 06 ක් බිද හෙලීමට සමත්කම් දැක්වූවා.

ජයග්‍රහණය සදහා ලකුණු 162 ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 27 ක්  ඇතුලත එම ඉලක්කය පසුකර ගියා.

ඒ අනුව තරග 3 – 1 ක් ලෙස තරගාවලියේ ජය හිමි කර ගත්තේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

එම ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා තරග වැදීමට නියමිතයි.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »