Search

NSW හි සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටි දෙදෙනෙක් මියයයි

NSW හි සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමේ සුන්බුන් අතරින් මිනිසුන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

මයික්‍රොලයිට් ගුවන් යානයක් ඊයේ සවස 4 ට පමණ නම්බුකා හෙඩ්ස් සිට කිලෝමීටර එකහාමාරක් පමණ ගිනිකොන දෙසින් NSW මධ්‍ය උතුරු වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කඩාවැටි මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවූ පසු එහි සිටි පිරිස මුදා ගැනීමට පොලිසිය, වෙස්ට්පැක් ගලවා ගැනීමේ හෙලිකොප්ටරය සහ අනෙකුත් සමුද්‍ර මූලික කාර්ය මණ්ඩලය ඇතුළු හදිසි සේවා අනතුරට ප්‍රතිචාර දක්වා ඇති බව සදහන්.

ඊයේ පස්වරු 3.30ට පමණ කොෆ්ස් වරායේ පෞද්ගලික ගුවන් තොටුපළකින් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ යානය ගුවන් ගත වූ බව තහවුරු වී තිබෙනවා.

යානයේ නියමුවා සහ මගියා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර මියගිය දෙදෙනා තවමත් විධිමත් ලෙස හඳුනාගෙන නැහැ.

යානයේ තිබී එක් මළ සිරුරක් ඊයේ සොයා ගත් අතර දෙවන මළ සිරුර අද සොයා ගැනුණා.

පොලීසිය පැවසුවේ, අනතුරට හේතුව සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »