Search

සංක්‍රමණිකයන් නිසා ඔස්ට්‍රේලියාවේ ජනගහනය ඉහළ ගියේ මෙහෙමයි

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මෙවැනි පසුබිමක් තුළ ගතවූ දශක දෙකක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජනගහනය වර්ධනයේ තීරණාත්මකම සාධකය බවට පත්ව ඇත්තේ සංක්‍රමණ වීම ද විශේෂත්වයක්.

විශ්ලේෂක Mark McCrindle විසින් පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය වර්ෂයක දී ජනගහන වර්ධනයෙන් 60% ක් පමණ සංක්‍රමණ හේතුවෙන් සිදුවන බවයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ සිදුවන ස්වභාවික ජනගහන වර්ධනය 40% ක් බවයි ඔහු විසින් සදහන් කර ඇත්තේ.

2025 වසර වන විට ආසියානු කලාපයේ බොහෝ රටවල ජීවත් වන ජනතාව ඔස්ට්‍රේලියාව ජීවත් වීමට සහ සංචාරය සදහා සුදුසු රටක් ලෙස හදුනාගෙන තිබෙනවා.

මේ නිසා ඔස්ට්‍රේලියාව වෙත පුහුණු ශ්‍රමිකයන් , ජාත්‍යන්තර සිසුන් ඇතුලු ආසියානු කාලාපීය ප්‍රජාව වැඩි වශයෙන් සංක්‍රමණය වීම සිදු වන බවයි දැක්වෙන්නේ.

2050 වසර වන විට ඔස්ට්‍රේලියානු ජනගහනය මිලියන 50 ඉක්මවා යා හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »