Search

Lavender මල් බලන්න මෙල්බන් හි යන්න හොදම තැන්

මෙල්බන් හා ඒ අවට ප්‍රදේශවල පවතින Lavender ගොවි බිම් පිළිබදව දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව Red Hill Lavender ගොවිපළ ජනවාරි 27 දක්වා විවෘතව පවතින අතර මෙම ස්ථානය වෙත නොමිලයේ ඇතුලු වීමට අවකාශය හිමිව තිබීම ද විශේෂත්වයක්.

උතුරු Daylesford හි පිහිටි Lavandula Swiss Italian ගොවිපළ ද මෙම වසරේ සැප්තැම්බර් 09 වනදා දක්වා විවෘතව පවතිනවා.

මෙම ගොවිපළ වෙත ඇතුලු වීම සදහා වැඩිහිටියෙකුගෙන් ඩොලර් 05 ක මුදලක් ද පාසල් යන වයසේ දරුවෙකුගෙන් ඩොලර් 1 ක මුදලක් ද අය කෙරෙන බවයි දැක්වෙන්නේ.

මෙම වසරේ ජනවාරි 26 දක්වා විවෘතව පවතින Warratina Lavender ගොවිපොළ ද සාමාන්‍ය ප්‍රවේශය යටතේ ඩොලර් 15 ක මුදලකට නැරඹීමේ අවකාශය මෙල්බන් වැසියන්ට පවතිනවා.

එහිදී වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගෙන් මුදල් අය කිරීමක් සිදු නොකෙරෙනු ඇති.

වසර පුරාම විවෘතව පවතින Ashcombe Maze and Lavender Gardens නැරඹීම සදහා වැඩිහිටියන් සදහා ඩොලර් 20 ක මුදලක් අය කෙරෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෙහිදී කණ්ඩායම් ලෙස පැමිණෙන මෙල්බන් වැසියන්ට වට්ටම් ද හිමිවන බවයි වැඩිදුරටත් සදහන් ව ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »