Search

ෆෙඩරල් රජය දැන්වීම් සදහා කළ වියදම් අනාවරණය වෙයි

පසුගිය මූල්‍ය වර්ෂයේදී ෆෙඩරල් රජය දැන්වීම් සදහා වියදම් කළ මුදල් ප්‍රමාණය සම්බන්ධ දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

ඒ අනුව පසුගිය මූල්‍ය වසරේදී ෆෙඩරල් රජය විසින් දැන්වීම් සදහා ඩොලර් මිලියන 251 ක් පමණ වියදම් කර තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.

මූල්‍ය දෙපාර්තුමේන්තු සංඛ්‍යා ලේඛන දත්ත ඔස්සේ පෙන්වා දී ඇත්තේ පසුගිය මූල්‍ය වර්ෂය තුළ ෆෙඩරල් රජය විසින් දැන්වීම් සදහා වියදම් කළ මුදල් ප්‍රමාණය 40% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

2008 වසරේ සිට මේ දක්වා කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයක් විසින් දැන්වීම් සදහා වියදම් කළ දෙවන විශාලතම මුදල් ප්‍රමාණය මෙය බවයි සැලකෙන්නේ.

මීට පෙර 2021 – 2022 මූල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියා හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ගේ රජය විසින් දැන්වීම් සදහා ඩොලර් මිලියන 339 ක මුදලක් වියදම් කර තිබීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් ෆෙඩරල් රජයේ මෙම ක්‍රියා පටිපාටිය වෙත පාර්ශව රැසකින් විවේචන එල්ල වී තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »