අද (05) දින වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ගිනි තැබීමේ තහනමක් (Fire Ban) පනවා තිබෙනවා.
ඒ අනුව Wimmera, Mallee, මෙල්බන්, ජීලෝන්ග් ඇතුලු ප්‍රාන්තයේ නිරිතදිග උතුරු මැද සහ මධ්‍යම කලාපයන් හි පිහිටි ප්‍රදේශ රැසකට අද දිනය පුරා සම්පූර්ණ ගිනි තැබීමේ තහනමක් (Total Fire Ban) පනවා තිබෙන බවයි දැක්වෙන්නේ.
එම ප්‍රදේශවලට ලැව් ගිනි තත්වයන් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවටයි අනුමාන කෙරෙන්නේ.
මෙම තහනම අද රාත්‍රී 11.59 දක්වා පවතින බව ද සදහන්.
අද දිනයේ දී ලැව් ගිනි තත්වයක් ඇති වුවහොත් එය මැඩ පැවැත්වීම ඉතාමත් අපහසු වන බවයි ප්‍රාන්ත ගිනි නිවන අධිකාරියේ ප්‍රධාන නිලධාරී ජේසන් හෙෆර්නන් විසින් අවධාරණය කර ඇත්තේ.
අදාළ කාලසීමාව අවසන් වනතෙක් එම ප්‍රදේශවල එළිමහනේ ගිනි තැබීම සම්පූර්ණයෙන් තහනම් බව ද වැඩිදුරටත් සදහන්.