Search

ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපලවල Clearance Times ගැන නවතම වාර්තාවක්

ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපලවල සාමාන්‍ය නිෂ්කාශන වේලාවන් (Avarage Clearance Times) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සංචාරක පැමිණීම ඉහළ අගයක් ගනු ඇතැයි අනුමාන කරමින් මෙම වේලාවන් ඉක්මනින් නිකුත් කර තිබෙන බවයි දැක්වෙන්නේ.

ඒ අනුව කැන්බරා ජාත්‍යන්තර තොටුපල තුළ දී ඒ සදහා ගතවන කාලය තත්පර 28.83 ක් වීම ද වනවා.

කෙසේ වෙතත් බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ එම කාලය තත්පර 86.60 ක් බව ද සදහන්.

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන් තොටුපල ලෙස සැලකෙන සිඩ්නි හීදී ඒ සදහා තත්පර 35.12 කාලයක් ගත වීම ද කැපී පෙනෙනවා.

මේ අතර ඇවිලෝන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී එම ක්‍රියාවලිය සදහා තත්පර 35.14 ක් ගතවන බවයි ගණනය කර තිබෙන්නේ.

මෙවැනි පසුබිමක් තුළ මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී මේ සදහා ගතවන කලය තත්පර 40.15 ක් වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් වැඩිම නිෂ්කාශන වේලාවක් සහිත ගුවන් තොටුපල ලෙස හදුනාගෙන ඇත්තේ ගෝල්ඩ් කොස්ට් වන අතර එම කාලය තත්පර 65.22 ක් බවයි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »