ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම් නියම වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිල් චිත්‍රපට සඳහා පෙනී සිටින නිළියක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත පවුම් 105,000ක් නැතහොත් ඩොලර් 130,000ක ගෙවීමක් සම්බන්ධ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාවට ට්‍රම්ප් මැයි මාසයේ දී වරදකරු වූ බවයි.
නමුත් ට්‍රම්ප් ව සිරගත නොකරන බවට ද නිව් යෝර්ක් අධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
මෙම නඩුව හෂ් – මුනි නඩුව ලෙස සැලකෙන අතර චෝදනාවට වැරදිකරු වුව ද පරිවාස කාලයක් හෝ දඩයක් නියම නොකර ම කොන්දේසි විරහිත නිදහස් කිරීමක් ලබාදෙන බවත් විනිසුරුවරයා දැනුම්දී තිබෙනවා.
එමෙන්ම මෙම නඩු කටයුත්ත සඳහා පෞද්ගලික් ව හෝ ට්‍රම්ප් හට පෙනී සිටිය හැකි බව සදහන්.
කෙසේ වෙතත් ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ ජයග්‍රහණය යොදා ගනිමින් මෙම නඩුව නිෂ්ප්‍රභ කිරීමට උත්සාහ කර තිබුණා.
2016 මැතිවරණ ව්‍යාපාරයේ අවසාන දිනවල වැඩිහිටි නිල් චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස්ට ට්‍රම්ප් සමඟ සිදු වූ බව කියන ලිංගික හමුවීමක් පිළිබඳව නිහඬව සිටීමට මෙම මුදල් ගෙවීම කර තිබුණා.
කෙසේ වෙතත් තේරී පත් වූ ජනාධිපතිවරයා සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, තවදුරටත් තර්ක කරන්නේ මෙම නඩුව ඔහුගේ 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරයට හානි කිරීමේ උත්සාහයක් බවටයි.
78 හැවිරිදි ට්‍රම්ප් 2029 දී ධවල මන්දිරයෙන් පිටව යන තෙක් දඬුවම් ප්‍රමාද කිරීම හෝ සිරගෙදර කාලයක් ඇතුළත් නොවන දඬුවමක් සහතික කිරීම අධිකරණයේ විශ්වාසය වූ බවත් සඳහන්.