Search

ක්‍රීඩා පිටියෙන් ඉවතට ගිය කෝලිට ප්‍රේක්ෂකයන්ගෙන් ආචාර

ඉන්දු – ඔස්ට්‍රේලියා පස් වන සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (04) අවසන් වුණා.

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ඔස්ට්‍රේලියාවේ දී ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය මෙය වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

අද (04) ක්‍රියාත්මක වූ ඉන්දීය දෙවන ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස ලකුණු 06 ක් ලබා සිටි විරාට් කෝලි ස්කොට් බෝලන්ඩ් ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඔහු ක්‍රීඩාගාරය වෙත පැමිණෙන විට SCG ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලු දෙනා නැගී සිටි බවයි වාර්තා වන්නේ.

නැවත වසර 04 ක් පමණ ගතවන තුරු ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා නොකරනු ඇති බවටයි පැවසෙන්නේ.

නැවත තරග සංචාරයක් සදහා ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාව වෙත පැමිණෙන විට විරාට් කෝලිගේ වයස අවුරුදු 40 ක් පමණ වන බවයි දැක්වෙන්නේ.

ඒ වනවිට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදී තිබෙන බවයි බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »