Search

Siri නිසා Apple පරිශීලකයින් ලැබෙන්න යන වන්දිය මෙන්න

iphone සහ Apple උපාංග සදහා එන Siri Option හරහා පුද්ගල පෞද්ගලිකත්වයට හානි සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

Hey Siri option අවශ්‍ය නොමැති පුද්ගලයින්ට තම දුරකතනය ඔස්සේ ස්වයංක්‍රීයව Siri වෙත සම්බන්ධ වීම යන චෝදනාව Apple සමාගමට එල්ල වී තිබෙනවා.

ඒ අනුව Apple සමාගම ඇමරිකානු අධිකරනයක දී ඒ

ඩොලර් මිලියන 153ක දඩමුදලකට යටත්වීමට සුදානම් බව සදහන් කර තිබුණා.

Hey Siri හරහා පුද්ගලයින්ගේ රහසිගත සංවාද  ඇහුම්කන් දුන්නා යැයි චෝදනා කරමින් නඩුවක් ගොනු කර තිබුණා.

කැලිෆෝර්නියාවේ ඔක්ලන්ඩ් හි  අධිකරණයක මෙම නඩුව  ගොනු කර ඇති අතර Siri option හි  ස්වයංක්‍රීය ක්‍රියාවලිය මඟින් වසර 10 කට වැඩි කාලයක් iphone දුරකතන ඔස්සේ පුද්ගලික සංවාද රහසිගතව සටහන් කළ බවටයි චෝදනාව වන්නේ

Hey Siri  සමඟ සංවාද කිරීමට උත්සාහ නොකළ විට පවා රහසිගත පටිගත කිරීම් සිදු වූ බව අනාවරණය වනවා.

Apple හි Software Engineering හි ජ්‍යෙෂ්ඨ උප සභාපති Craig Federighi, 2018 ජූනි 4, කැලිෆෝනියාවේ San Jose හි Apple Worldwide Developers සමුළුවේදී නව නිෂ්පාදන පිළිබඳ නිවේදනයක් අතරතුර මෙම  Siri උපාංගය  ගැන කතා කර තිබෙන බවට සදහන්.

මෙම නඩුවේ නීතීඥයින්  කොන්දේසි සමාලෝචනය කිරීම සඳහා ඕක්ලන්ඩ් හි පෙබරවාරි 14 උසාවි වාරයක් කැදවීමට  යෝජනා කර ඇති ද වාර්තාවෙනවා.

මෙම නඩුව බේරුම්කරණය වුවහොත්, 2014 සැප්තැම්බර් 17 සිට පසුගිය වසර අවසානය දක්වා Hey Siri option සහිත iPhone සහ අනෙකුත් Apple උපාංග හිමියන් මිලියන ගණනකට ඇමරිකානු ඩොලර් 20ක වන්දි මුදලක් හිමිවන බව සදහන්.

ඒ අනුව ඇපල් සමාගමට ඩොලර් මිලියන 153ක සමස්ත දඩයක් ගෙවීමට සිදුවනු ඇති.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »